අර්ශස්

In this article

අර්ශස් යනු මොනවාද? අර්ශස් ඇති වන්නේ කෙසේ ද ? ශල්‍යකර්මය ඇති ප්‍රතිලාභ කවරේද? ශල්‍යකර්මය හැර වෙනත් ප්‍රතිකාර ක්‍රම කවරේ ද ? ශල්‍යකර්මය සිදුකරන ආකාරය ශල්‍ය කර්මය සහ ඖෂධ රෝගියා ගේ දායකත්වය මෙම ශල්‍ය කර්මයට පමණක් විශේෂිත වූ අතුරු ආබාධ ශල්‍යකර්මයෙන් පසු සුව වීම

අර්ශස් යනු මොනවාද?

අර්ශස් යනු, ගුද මාර්ගයේ ඇතිවන ලේ පිරුණු ගෙඩි වර්ගයක් වේ. මේවාට හොඳ හොඳ රුධිර සැපයුමක් තිබෙන අතර ඉක්මනින් තුවාල වීම නිසා ලේ පිට වේ. මෙම තත්ත්වය මුලින්ම වැසිකිලි යාමෙන් පසු හඳුනා ගත හැකිය . මුල් අවස්ථාවේදී මේවා මේවා වේදනාවෙන් තොර වන නමුත් ගුද මාර්ගය අසල යම් කැසීමක් ඇතිවිය හැකිය. පසුව මේවා විශාල වූ විට ගුද මාර්ගයෙන් පිටතට පැමිණිය හැකිය .

මෙම ගෙඩි සඳහා ශල්‍යකර්මය ප්‍රතිකාරය ලෙස ඔබගේ වෛද්‍යවරයා නිර්දේශ කළ විටදී අවශ්‍ය තොරතුරු ලබා දීම මෙම ලේඛනයේ අරමුණ වේ.

අර්ශස් ඇති වන්නේ කෙසේ ද ?

මෙය ක්‍රමයෙන් ඇති වන දිගු කල් පවතින අසනීප තත්ත්වයක් වේ. මලබද්ධය සමඟ මෙම තත්ත්වය වර්ධනය වන අතර විටෙක ප්‍රවේණිගත වේ. ගර්භනී අවස්ථාවේදී මෙම තත්ත්වය වැඩිවිය හැකිය.

ශල්‍යකර්මය ඇති ප්‍රතිලාභ කවරේද?

මෙමගින් අර්ශස් අමාරුව නිසා ඇතිවන අමාරු / රෝග ලක්ෂණ වලින් තොරව ජීවත්වීමට හැකි ය.

ශල්‍යකර්මය හැර වෙනත් ප්‍රතිකාර ක්‍රම කවරේ ද ?

මූලික අවස්ථාවේ ඇති අර්ශස් අමාරුව ඔබගේ දෛනික චර්යාවන් වෙනස් කිරීම මගින් සිදු කළ හැකිය. එනම් මල බද්ධය අඩුකර ගැනීම මගින් සිදු කරගත හැකි ය . ඒ සඳහා දිනකට අවශ්‍ය වන ජල ප්‍රමාණය පානය කිරීම හා කෙඳි සහිත ආහාර ගැනීම මඟින් සිදු කරගත හැක .

මූලික ප්‍රතිකාර වලින් 70% පමණ අර්ශස් අමාරු සුව කරගත හැකි ය. මූලික ප්‍රතිකාර සාර්ථක නොවේ නම් එ නම් මේ තත්ත්වය වර්ධනය වේ .

අර්ශස් අමාරුව වැඩි වී එම ගෙඩි එළියට ඇවිත් තිබෙන අවස්ථාවේ දිගටම පවතී නම් ශල්‍යකර්ම අවශ්‍ය වේ.

oba ශල්‍යකර්මයට අකමැති වුවත් ලේ වහනය වන්නේ අර්ශස් ගෙඩි ගෙඩිවලින් ගෙඩි වලින් පමණක් බව තහවුරු කරගත යුතුය. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

ශල්‍යකර්මය සිදුකරන ආකාරය

මෙම ශල්‍යකර්මය ශල්‍යාගාරයක් තුළදී කොන්ද ට බෙහෙත් එන්නත් කර හිරි වැටීම හිරිවැටීම ඇති කර සිදු කරනු ලබයි. සිහි නැතිකර ශල්‍යකර්මය සිදු කරනවාට වඩා කොන්දේ පහළ හිරි වැටීම මගින් සිදුකරන ශල්‍ය කර්මය වාසිය වන්නේ ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන වේදනාව අඩු කර ගැනීමට හැකි වීමයි. ශල්‍යකර්මය අතරතුර ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ලැබේ. මෙම ශල්‍යකර්මයේදී සිදු කරනු ලබන්නේ අර්ශස් ගෙඩි විද්‍යුත් උපකරණයක් ආධාරයෙන් කපා ඉවත් කිරීමයි. ශල්‍යකර්මයෙන් පසුව සැරහුම් යොදනු ලබයි .

ශල්‍ය කර්මය සහ ඖෂධ

ශල්‍යකර්මයට පෙර ඔබ ලබා ගන්නා ඖෂධ පිළිබඳ විස්තරයක් වෛද්‍යවරයාට ලබා දිය යුතු ය . රුධිර කැටි ඇතිවීම වලකාලීමට යොදාගන්නා ඖෂධ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතුය

රෝගියා ගේ දායකත්වය

දුම් බීම නැවැත්වීම

ශල්‍යකර්මයට අඩුම තරමින් සති කීපයකට පෙර සිටවත් දුම්රියේම නවත්වන්නේ නම් තුවාල සුව වීම සහ ශල්‍ය කර්මයෙන් පසු ඇතිවන ආබාධ අවම කරගත හැකිය .

ශරීරයට අවශ්‍ය නිවැරදි බර පවත්වා ගැනීම

ක්‍රමානුකූල ව්‍යායාම සහ ආහාර මඟින් මගින් ඔබට අවශ්‍ය බර පවත්වා ගැනීම මඟින් ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන ආබාධ අඩු කර ගෙන සහ සුවවීම සුව වීම ඉක්මන් කර ගත හැකිය .

ඇති විය හැකි අතුරු ආබාධ කවරේ ද

අතුරු ආබාධ වලින් අවම වන ලෙස ශල්‍යකර්මය සිදු කිරීම කණ්ඩායමේ අරමුණ වේ . එසේ වුව ද අතුරු ආබාධ ඇතිවීමේ ඇති වීමේ හැකියාවක් පවතී . මෙම අතුරු ආබාධ වලින් විටෙක මරණය වුවත් සිදුවිය හැකි ය . එනිසා ශල්‍ය කර්මයට පෙර ඇති විය හැකි අතුරු ආබාධ හා ඒවා ඔබට ඔබගේ පවතින අනෙකුත් රෝග තත්වයන් මත වෙනස් වන්නේ කෙසේද යන්න නිවැරදිව දැන ගෙන ශල්‍ය කර්මයට භාජනය වීමට කැමැත්ත ලබා දීම වැදගත් වේ .

නිර්වින්දන අතුරු ආබාධ

මේ පිළිබඳව ශල්‍යකර්මයට පෙර නිර්වින්දන වෛද්‍යවරයා විසින් ඔබට විස්තර කරනු ලබයි .

ඕනෑම ශල්‍යකර්මකට පොදු වූ අතුරු ආබාධ.

මෙම ශල්‍ය කර්මයෙන් පසු ගුද මාර්ගයේ වේදනාවක් ඇති විය හැකි අතර එය අඩු කර ගැනීම සඳහා වේදනා නාශක ඖෂධ නිසි ලෙස ගැනීම හා මලබද්ධය වළක්වා ගැනීම සිදුකල හැකිය . මෙම වේදනාව සති තුනක් පමණ පැවතිය හැකි ය .

ලේ ගැලීම

ශල්‍යකර්මයෙන් පසුව සති දෙකක් පමණ යන තෙක් ම සුළු ලේ ගැලීම් තත්ත්වයක් තිබිය හැකිය . එවැනි තත්වයක් නිසා නැවත ශල්‍යකර්මයකට භාජන වීමෙන් වීමේ අවශ්‍යතාවය ඇති වන්නේ 1% ක පමණ පිරිසකට පමණි . රුධිර වහනය වැඩි තත්ත්වයක පවතින්නේ නම් ආසාදන වළක්වා ගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමට සිදු වේ .

තුවාල ආසාදනය වීම

ශල්‍යකර්මය සිදුකළ පසු තුවාල වියලිව සහ පිරිසුදු තබා ගැනීම වැදගත් වේ . අධික වේදනා තත්ත්වයක් හෝ සැරව ගැලීම් තත්වයක් ඇති වූවොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ .

කකුල්වල රුධිර කැට ගැසීම

ශල්‍යකර්මයෙන් පසු ඇවිදීම අඩු වුව හොත් කකුල් වල ලේ කැටි ඇතිවීමේ හැකියාවක් පවතී . එම ලේ කැටිති පසු ව පෙනහළු වලට ගමන් කර හුස්ම ගැනීම අපහසු වීමට ඉඩ තිබේ . එබැවින් ශල්‍යකර්මයෙන් පසු ඉක්මනින්ම ඇවිදීමට යොමු වීම වැදගත් වේ.

මෙම ශල්‍ය කර්මයට පමණක් විශේෂිත වූ අතුරු ආබාධ

සම්පූර්ණ නොවූ ශල්‍ය කර්ම

අර්ශස් පිහිටා ඇති ආකාරය අනුව විටෙක සියල්ලම සියල්ල ම කපා ඉවත් කිරීම අපහසු විය හැකි ය .

මුත්‍රා පිටකිරීමේ අපහසුව

20% පමණ පිරිසකට මෙම අතුරු ආබාධ ඇති විය හැකිය . ශල්‍යකර්මයට පෙර සිටම මුත්‍රා පිට කිරීමේ අපහසුවක් පැවතියේ නම් මෙම තත්ත්වය තත්ත්වය ඇති විය හැකිය . එවැනි අවස්ථාවල දින කීපයක් මුත්‍රා බටයක් ආධාරයෙන් මුත්‍රා පිට කිරීමට සිදු වේ .

ගුද මාර්ගයේ විශ්කම්භය අඩුවීම

මෙවැනි තත්ත්වයකදී මල පහ පිට කිරීම අපහසු වන අතර තවත් ශල්‍යකර්මයක් අවශ්‍ය වේ.

ගුද මාර්ගය අවට හා මෙහි කුඩා ගැටිති වර්ධනය වීම

ගුද මාර්ගයෙ හමෙහි පැලීම් ඇතිවීම

තුවාල සම්පූර්ණයෙන්ම සුව නොවූ විට ගුද මාර්ගය අවට හා මෙහි පැලීම් ඇති විය හැකිය. කෙසේ වුවද සරල ප්‍රතිකාර ක්‍රම මගින් මඟින් මේ තත්ත්වය වළක්වා ගත හැකිය.

පාලනයකින් තොරව මලපහ පිටවීම

ඉතා කලාතුරකින් ඇති ඇතිවිය හැකි අතුරු ආබාධයක් වේ . මෙය මූලික ප්‍රතිකාර වලින් පාලනය නොවූ හොත්, තවත් ප්‍රතිකාර අවශ්‍ය වේ.

ශල්‍යකර්මයෙන් පසු සුව වීම

රෝහලේදී සුවවීම

ශල්‍යකර්මයෙන් පසු ප්‍රධාන අතුරු ආබාධ කිසිවක් ඇති වූයේ නැතිනම්, පසුවදා ම ගෙදර යා හැකිය. එසේ වුවද නිවසේ දී, මලබද්ධය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු අතර, අධික ලේ ගැලීම තත්ත්වයක් හෝ වෙනත් අපහසුතාවයක් ඇති වූයේ නම් රෝහලට පැමිණිය යුතුය.

නිවසේදී සුවවීම.

පැය විසි හතරකට පමණ පසුව, ඔබගේ දෛනික ජීවිතය කටයුතු කටයුතු බාධාවකින් තොරව සිදුකළ හැකිය.

එසේ වුවත් අධික ලේ ගැලීම් තත්වයන් හෝ නිර්දන ඖෂධවලින් ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. සති තුන හතරකට පසු සාමාන්‍ය දෛනික ජීවිතයේ කටයුතු සිදුකළ හැකිය.